මේ ලෝකයේ මිනිසුන් ලෙස උපත ලබනා සියල්ලෝම සිය මූලික අවශ්‍යතාවයන් සපුරා ගැනීම උදෙසා හැම විටෙකම නොනවතින ජීවන අරගලයක යෙදෙයි. අයෙක් එම අරගලය සාර්ථක ලෙස ජය ගනිද්දී තවකෙක් එම සටනින් පරාජය ලබයි. මෙය ලෝක ධර්මතාවයද? එසේත් නැතිනම් සම්පත් බෙදී යාමේ විෂමතාවයද? යන්න සංකීර්ණ ගැටළුවකි. කෙසේ නමුත් ලෝකය විටෙක ඉතා අසාධාරණ බවත් එකම ලෝකයක් තුළ "ඇති නැති පරතරයෙන්" වෙන් කරන ලද වෙනස් ලෝක දෙකක් ඇති බවත් බැලූ බැල්මට පෙනෙන්නට ඇත. අධි පරිභෝජනයත් අධි පෝෂණයත් ඇති මිනිසුන් සිටින සමාජ කඩක මන්ද පෝෂණයෙන් පෙලෙන දරුවන් කෑම වේලක් වෙනුවෙන් අත පාන අයුරු දැකගත හැකිය. යමෙකු සුවපහසු යහනක නිදන කල පේමන්ට් පොළොවක් මත හෝ කඩ පිලක සීතලේ රැය ගෙවන මිනිසුන් මේ ලොවේ කොතෙකුත් ඇත්ද? යමෙකු මා හා කී කතාවක් මට මතක් වෙයි... "මම හැමදාම උදේ වැඩට යනකොට jogging path වල ඇඟ අඩුකරගන්න ඇවිදින සල්ලිකාර නෝනලා මහත්තුරු මට පේනවා, මට හිතෙනවා අපි කන්න හොයන්න හැතැප්ම ගණන් පයින් ඇවිදිනකොට ඒ අය කාලා හදාගත්ත ඇඟ අඩුකරගන්න නේද මේ ඇවිදින්නේ කියලා....? " මා එම ප්‍රකාශය තුළ දුටුවේ එම පුද්ගලයා තුළ වූ පංති ඊර්ශ්‍යාවක් නොවේ. එහි වූයේ ලෝක ධර්මතාවයත් සම්පත් බෙදී නොයාමත් තුළ ජීවත් වන දුක් විඳින මිනිසෙකුගේ වේදනාව පමණි.
Thursday, August 21, 2014
Subscribe to:
Post Comments (Atom)
හිත කරදර කරගන්න එපා එක එක්කෙනා වපුරපු දේවල් තමය් මේ නෙලාගන්නෙ. ඇති නැති පරතරය මිනිස් ලෝකය තියෙන තාක් කල් තියෙනවා.
ReplyDelete