සුදු ජාතිකයන් යටතේ පාලනය වන වැඩ බිමක සේවය කරන කළු ජාතික මවක සහ පියෙකු දාව උපදින "සිසිල් ගේන්ස්" නැමැත්තා ඇමරිකානු කළු ජාතික වහලෙකුගේ තත්වය පරයා ඉහළට නැගීමට දරන උත්සාහය " The Butler " සිනමා පටය ඔස්සේ දිග හැරේ. Butler යනු ප්‍රධාන මෙහෙකරුවා හඳුන්වන නාමයයි. වහලෙකුගේ තත්වයෙන් මිදී ඔහු ඊට තරමක් ඉහළින් වූ කළු ජාතික සේවකයෙක් බවට පත් වන අතර ඇමරිකානු ජනාධිපති මන්දිරය වන "white House" හි ප්‍රධාන සේවකයා බවට පත් වන්නේ ඔහු තුළ වන දරාගැනීමේ ශක්තියත්,පිළිවෙලත් හේතු කොටගෙනයි. චරිත ස්වභාවයන්ගෙන් එකිනෙකට වෙනස් ජනාධිපතිවරුන් අට දෙනෙකු යටතේ සේවය කරන "සිසිල්" හට මුණ ගැසෙන කරුණාවන්තම ජනපති වන්නේ "ජෝන් එෆ් කෙනඩිය". එම කාල වකවානුවේ සිදු වන නිදහස් අරගලයන් සමග "සිසිල්ගේ" වැඩිමහල් පුතු නිරන්තර සම්බන්ද වන චරිතයකි. සුදු ඇමරිකාව තුළ තමන්ට එල්ලවන තාඩන පීඩන උපේක්ෂාවෙන් ඉවසා සිටීමට "සිසිල් ගේන්ස්" හට හැකි වූවද ඔහුගේ වැඩිමහල් පුතු ඊට වෙනස් රැඩිකල් චරිතයක් ලෙස සමාජානුයෝජනය වූ අයෙකි. පවුල තුළ වන ගැටුම්,සමාජයීය ගැටුම් තුළ සාධාරණ අනාගතයක සිහින දුටු කළු ඇමරිකානුවන් නියෝජනය කල චරිතයක් ලෙස "සිසිල් ගේන්ස්" හඳුනාගත හැක. සත්‍ය කතාවක් ඇසුරින් "ලී ඩැනියෙල්ස්" නම් අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කළ " The Butler " ඔබත් නරඹන්න.
Tuesday, August 19, 2014
වහලෙක් සහ මෙහෙකරුවෙකුගේ ජීවිතය " The Butler "
Subscribe to:
Post Comments (Atom)
නිවාඩුවක් ලැබුන දවසක බලන්ට ඕනෙ..
ReplyDeleteඔව් අනිවාර්යෙන් බලන්න.... සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූ සිනමා පටයක්
ReplyDelete