Friday, August 29, 2014

සේයාරුවක කියැවීම - කුසගින්න

                          Stricken child crawling towards a food camp [1994]
       
          සේයාරුවක කියවීම මැයෙන් අප මීට පෙර පළකළ විශේෂාංගයට ඉහළ පාඨක ප්‍රතිචාර හිමි වීම නිසා ඔවුන්ගේ ඉල්ලීම මත නැවතත් සේයාරුවක් කියැවීමට සිතුවෙමු. මෙය ලෝ ප්‍රකට ජායාරුවක්. සාගතයෙන් සහ කුසගින්නෙන් සතා සිවුපාවා සේම මිනිසාද පීඩා විඳින බිම් කඩෙක මිනිස් දරුවෙකු කුසගින්නට අහරක් සොයමින් යන ගමනේදී ඔහු පසු පස ගොදුරු සොයන ගිජු ලිහිණියෙකු ලුහු බඳින්නේ එම දරුවා කායික ශක්තිය අතින් අතිශය දුර්වල අවස්ථාවකට පත්ව ඇති මොහොතකයි. තවත් සුළු මොහොතකින් ගිජු ලිහිණියාගේ කුසගිනි නිවීමට මෙම කුඩා දරුවා බිලිවනු ඇත. කුසගින්නෙන් පෙළෙන දරුවෙක්, කුසගින්නෙන් පෙළෙන ගිජු ලිහිණියෙක් සහ ජායාරූප ශිල්පියෙක් එක් කළ මෙම සිදු වීම තුළ එකිනෙකාට වෙනස් ලෙස කුස ගිනි නිවාගනු ලබන ජීවිත තුනක් පැති තුනකින් එක් කරයි.
    
     මෙය අප දකින කතාන්දරයයි. නමුත් මේ පසු පස වූ සත්‍ය බෙහෙවින් කටුකය. 1994 වසරේ කෙවින් කාර්ටර් නම් දකුණු අප්‍රිකානු ජායාරූප ශිල්පියා "සුඩානයේ" ජායාරූපකරණයේ යෙදී සිටියේය. එම වකවානුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සුඩානයට අහාර සහනාදාර ලබා දෙමින් තිබූ අතර දස දහසක් වූ ආහාර හිඟයෙන් පෙළෙන මිනිසුන් මෙම ආහාර කඳවුරු කරා පැමිණෙමින් සිටියා. මෙහි සිටින කුඩා දරුවාද අපහසුවෙන් මේ පැමිණෙමින් සිටින්නේ එවන් ආහාර කඳවුරකටයි. ඔහුට එම කඳවුරට යාමට තව කිලෝමීටරයක් පමණ දුරක් ගෙවීමට තිබෙනවා. එම අවස්ථාවේ ගොදුරු සොයන ගිජු ලිහිණියා මෙම දරුවාට කුරුමානම් අල්ලනු දකින ජායාරූප ශිල්පී කෙවින් කාර්ටර් මෙම සිදුවීම ජායාරූපයට නගනවා. අවසානයේ ගිජු ලිහිණියා කුඩා දරුවා ඩැහැගෙන යනවා. කෙවින් කාර්ටර් කුඩා දරුවාගේ ජීවිතය බේරා ගැනීමට කිසිවක් සිදු නොකළේය. කෙසේ හෝ අවසානයේ ඔහුගේ මෙම ජායාරූපය වෙනුවෙන් “Pulitzer" සම්මානය හිමි වෙනවා. නමුත් සම්මානය ලැබීමෙන් තුන් මසකට පසුව කෙවින් කාර්ටර් සිය දිවි නසා ගනු ලබයි. තමා ලබා ගත් එම ජායාරුව පිළිබඳව ඔහු මහත්සේ සිත් තැවුලට ( විෂාද තත්වයට) පත් වී සිටි බව ඔහු සිය දිවි නසාගැනීමට පෙර ලියා තැබූ ලිපි වල සඳහන්. "මා හට මිනිසෙකු ලෙස තෝරා ගැනීමට තිබුනේ කුසගින්නේ පීඩා විඳි එම දරුවා බේරා ගැනීම මිස එය ජායාරුපයට නැගීම නොවේ. නමුත් මා එය කළේ නෑ. මට සමාවන්න." ඔහු අවසන් වශයෙන් පවසා සිටියා. 
                                                   කෙවින් කාර්ටර්

2 comments:

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators