නිරිතදිග යුරෝපයේ පිහිටි "ක්‍රොයේෂියාවේ" ඇති පරිසර සෞන්දර්යෙන් ඉහළම ස්ථානයක් ලෙස සැලකිය හැකි මෙම ප්‍රදේශය යුරෝපයේ පිහිටා ඇති ඓතිහාසිකම ජාතික උද්‍යානය වශයෙන් සැලකේ. තවද ක්‍රොයේෂියාවේ ජාතික අනන්‍යතාවක් ලෙසද මෙම ජාතික උද්‍යානය හැඳින්විය හැකිය. කඳු, ගල් පර සහ දිය ඇලි වලින් වටවූ මෙම ප්‍රදේශය නැරඹීමට විශාල සංචාරකයින් ප්‍රමාණයක් දෙස් විදෙස් වල සිට ක්‍රොයේෂියාවට පැමිණේ. 19 වන ශතවර්ෂයේ සිට මෙම ප්‍රදේශයට විශාල වශයෙන් සංචාරක ආකර්ෂණයක් හිමිව තිබූ බව පැවසේ. එකිනෙක හා සම්බන්ද වූ දිය ඇලි 16ක් පමණ මෙහිදී දැකගත හැකි වීම විශේෂත්වයකි. ඒ වටා විසිරී ඇති නේක වර්ණ තුරුලතාවන්ගෙන් යුතු වනාන්තරය එහි වූ අලංකාරය තිව්‍ර කරයි.මෙම වනාන්තරය බීච්,ස්ප්රූස් වැනි වටිනා දැවමය ශාක වලින් පිරි වනාන්තරයක් බැවින් මෙම පරිසර පද්ධතිය ලෝක උරුමයක් ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරනු ලබයි.


No comments:
Post a Comment