පසු ගිය දිනෙක ඉන්දියානු ජායාරූප ශිල්පියෙකු වන රාජ් ෂෙට්ටි නැමැත්තා විසින් විලාසිතා දැක්මකට සමගාමිව කාන්තා ලිංගික හිංසනය පිළිබඳව ජායාරූප දැක්මක් අන්තර්ජාලයේ පල කොට ඇත. කාන්තාවක් බස් රියකදී අතවරයට පත් වන ආකාරය සහ ඇය ඊට විරුද්ධව නැගී සිටින ආකාරය මෙලෙස නිරුපණය කොට තිබු අතර නිරන්තරව ඉන්දියාව තුළ සිදු වන මෙවැනි කාන්තා හිංසනයන්ට විරෝධය පළ කිරීමක් ලෙස මෙය පැවැත්වූ බවද වාර්තා වේ. කෙසේ වෙතත් සාම්ප්‍රදායික මත දරන්නන් සිටින ඉන්දියාව තුළ මෙයට දැඩි විරෝධතා එල්ල වන අතර ඔවුන් පවසන්නේ මෙය පසු ගිය වසරේ විසි තුන් වියැති ඉන්දියානු ශිෂ්‍යාවක් බස් රියක ගමන් ගන්නා අතර පැහැර ගෙන ගොස් දූෂණය කොට ඝාතනය කිරීමේ සිද්ධිය ප්‍රතිනිර්මාණය කිරීමට ගත් වෑයමක් බවයි. තවද ඔවුන් පවසන්නේ මෙම අවාසනාවන්ත සිදුවීම විලාසිතා දැක්මකට යොදා ගැනීම උචිත නොවන බවයි. නමුත් එම චෝදනාවන් ප්‍රතික්ෂේප කරන ජායාරූප ශිල්පි රාජ් ෂෙට්ටි පවසා සිටින්නේ ඕනෑම මට්ටමක කාන්තාවකට අත් විය හැකි ඉරණමක් සම්බන්ධයෙන් අවධානයට යොමු කිරීම මෙහි අරමුණ වූ බවයි. කෙසේ වෙතත් මෙම ජායාරූප එකතුවේ බොහොමයක් මේ වන විට අන්තර්ජාලයෙන් ඉවත් කොට ඇත්තේ එල්ලවූ විරෝධතා හේතුවෙනි.
මෙම සිදුවීමට විරෝධය එල්ලවන අයුරු.
Wednesday, August 13, 2014
ඉන්දියාවේ ආන්දෝලනාත්මක ජායාරූප දැක්මක්...!!!
Subscribe to:
Post Comments (Atom)
ඡායාරූප දැක්මේ අරමුණ කුමක් වුවත් කාන්තා හිංසනය පිටුදැකීම ශිෂ්ටසම්පන්න සමාජයක සිදුවිය යුතු දෙයක්.....
ReplyDelete-චතුරි-
ඔව් විශේෂයෙන්ම ආසියානු කලාපය තුළ එය ඇති විය යුතුමයි. ඒ වගේම මිනිස්සුන්ගේ දැනුවත්භාවය වඩා වැදගත්
ReplyDelete