ජීවිතය යනු කුමක්දැයි යන්නට නිශ්චිත වූ එක් නිර්වචනයක් කිසිවෙකුටත් දිය නොහැකි වූවද එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් බව එදිනෙද ජීවිතයේ ගැටුම් හා ගැටෙමින් ඒ තුළ ස්ථාවර වන්නට වෙහෙසෙන්නෙකුට දැනී යා හැකිය. සෑම මොහොතකම සෑම තත්පරයකම මිනිසා කිසියම් ගැටලුවක වෙලී සිටී. එසේ නොවන්නේයැයි ඔබ පවසනවානම් ඔබ කිසියම් මාර්ග ඵලයකට පත් වූ පුද්ගලයෙකු විය යුතුය. එසේ නොවේනම් නොනවතින ජීවන ගැටුම් තුල ඔබ මේ මොහොතේද ගිලී සිටින්නෙකි. ඔබ ශිෂ්‍යයෙකු හෝ ශිෂ්‍යයෙක්ද? විභාගය උසස් ලෙස සමත් වන්නේ කෙසේද යන ගැටලුව හෝ එදිනෙදා පැවරුම් පිළිබඳව වූ ගැටළුවක් තුළ ඔබ සිටිනවා ඇත. ඔබ මවක හෝ පියෙකුනම් තම දරුවෙකු පිළිබඳව ඔහුගේ හෝ ඇයගේ අනාගත අභිවෘදිය ගැන තැවෙමින් සිටිනවා ඇත. ඔබ පෙම්වතෙකු හෝ පෙම්වතියක්නම් ඔබ අනෙකා පිළිබඳව වූ ගැටලුවක පෙළෙනු ඇත. මේ කිසිත් නැතිනම් ඔබ යමක් ලබා ගැනීමේ අවශ්‍යතාවක හෝ යමක් අත් හැරීමේ ගැටලුවක පසු වනවා ඇත. මිනිස් සමාජය තුළ මිනිසා විසින්ම නිර්මාණය කරගත් ගැටුම් තුළ විසඳුම් සොයමින් මිනිසා හෙම්බත්ව සිටී. ඒ ආකාරයට මේ "ජීවිතය" නම් කෙටි කාල සීමාව තුළ ඔබත් මාත් කොතරම්නම් දුක්ඛ දෝමනස්සයන්ගෙන් පෙළෙමින් සිටීද...? වර්තමාන ලෝකයේ මිනිසෙකුට වසර 100කට වඩා වැඩි ජීවිත කාලයක් ගත කිරීම ඉදිරියේදී බොහෝ දුෂ්කර විය හැක. පරමායුෂ 60ක් හෝ 70ක් වන ජීවිතය තුළ ඔබ කොපමණ දුරක් මේ වන විට පැමිණ සිටින්නේද යන්න තව දුරටත් සිතා බලන්න. තව කොතරම් කාලයක් ඉදිරියට ජීවත් විය හැකිද යන්න ගැන ඔබටවත් මටවත් නිශ්චිතයක් පැවසීම අපහසුය. එබැවින් ජීවිතය සරල ලෙස ගත කරන්න. අනාගත අභිලාශ,අරමුණු කරා යන්න. නමුත් සරල වන්න. එවිට ජීවිතයේ වූ ගැටළු වලින් 100% ක නිදහසක් නොලැබුනද..,ජීවිතය වඩා පහසු වනු ඇත.
Thursday, August 7, 2014
Subscribe to:
Post Comments (Atom)
අගනා ලිපියක්. ඔබට හා ඔබගේ බ්ලොගයට මාගේ සුබපැතුම්!!!!!!!
ReplyDeleteඔබට බොහෝම ස්තුතියි......
ReplyDelete