අදහස්, සිතුම් පැතුම්, රුචිකත්වයන් ආදරණිය ලෙස එකිනෙකා හා ගලපාගත් තරුණයෙක් සහ තරුණියක්..... නොවැලැක්විය හැකි සමාජ සම්මතයක් අභිමුවේ වෙන් වීමට තීරණය කරන තැනකදී තරුණිය විසින් තරුණයාව අස්වසන අරමුණින් "සිංහබාහු" නාට්‍යයේ එන අපුර්ව පැදි පෙලක් ඔහුට පවසනවා... "ආදරය නමැති අසනිය කුසුම පීදිය යුත්තේ ආපසු ලබා ගැනීමේ ලෝබ සිතකින් නොවේ"....... මෙය අසන ඔහුගේ සිත නිවී යයි. සැබවින්ම එම වචන තුළ කෙතරම්නම් උපේක්ෂාවක් තිබේද? එම පැදි පෙළ තුළම ඔහුගේ සහ ඇයගේ ප්‍රේමයේ වූ ගැඹුරත් සෞන්දර්යත් පසක් නොවේද? ප්‍රේමයේ අහිමිවීම තුළම එය සදාකාලික ප්‍රේමයක් බවට පත් කොටගත් පෙම්වතුන් පෙම්වතියන් මේ මහ පොළොව මත කොතෙකුත් හිඳින්නට ඇත්ද? අදටත් සිටිනවා ඇත.හෙටත් සිටිනු ඇත.ඒ සෑම පෙම් කතාවක් පිටුපසම ලෝකයට විවර නොවූ ඔවුනටම අනන්‍ය වූ කතාවක් තිබෙනවා ඇත. එය නොමේරූ ලෝකයට අවබෝද කොටගත නොහැකි වූවද ඒ තුළ ඔවුනගේ කඳුළ,සුසුම එක් කළ වචනයෙන් කිව නොහැකි සෞන්දර්යක් ගැබ් වී ඇතුවාට සැක නැත. එවන් සෞන්දර්යක් පිරි ප්‍රේමයක් අහිමිවීම තුළම හිමිවීම නිර්මාණය කර ගනු ඇත. සමාජ සම්මතයට බිඳ හෙළිය නොහැකි හදවත් බැඳීම ඉන් ස්ථිර කරනු ඇත.
Saturday, August 2, 2014
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment