
ෆ්රෑන්ක් කොස්ටේලෝ යනු ඉතාලි සම්භවයක් සහිත ඇමරිකානු ජාතික මාෆියා නායකයෙකි. ඔහුට ඇමරිකානු පාතාල ලෝකය තුල කොතරම් බලවත් ස්ථානයක් හිමි වුවේද යත් ඔහුව හැඳින්වූවේ පාතාලයේ අගමැති (the Prime Minister of Underworld) ලෙසයි. ඊට බලපෑ ප්‍රදානතම කාරණාව වූයේ ඔහු සතු වූ දේශපාලන බලයයි. ඇමරිකාව වැනි ඉහළ ප්රජාතන්ත්රවාදී ලක්ෂණ ඇති රටක පවා දේශපාලන බලය යොදා ගනිමින් පාතාල ක්‍රියාවලියේ යෙදීම යනු පහසු කාර්යක් නොවේ. ඔහු ඉතාලියේ සිට ඇමරිකාවට සංක්‍රමණය වන්නේ වයස අවුරුදු හතරේ තරම් කුඩා අවදියකදී වීම විශේෂත්වයකි. එලෙස පැමිණෙන ඔහු වයස අවුරුදු 13දී පාතාල ක්‍රියාකාරකම් හා සම්බන්ද වෙයි. ඔහුගේ මුල් නම වන්නේ "ෆ්රැන්සිස්කෝ කැස්ටිග්ලියා" වන අතර පසු කාලීනව " ෆ්රෑන්ක් කොස්ටේලෝ" ලෙස සිය නම වෙනස් කර ගනී. පසු කාලීනව කැසිනෝ සහ වෙනත් ව්‍යාපාර ඔස්සේ ඔහු තම ධනය සහ බලය ඒකරාශි කරගතේය. එවක පවුල මූලික කරගත් පාතාල සංවිධාන ඇමරිකාවේ පාතාල ලෝකය තුළ බලය ව්‍යාප්ත කොටගෙන සිටි අතර ෆ්රෑන්ක් කොස්ටේලෝ නිව් යෝර්ක් නගරයේ ක්‍රියාත්මක වූ එවැනි බලවත් පාතාල පවුල් අතරින් එකක් වූ "Luciano crime family" හි මූලිකයා වූවේය. අපරාධ ගණනාවක් ඔහුගේ නම ඉදිරියෙන් ලියැවී තිබුනද පසු කාලීනව ඔහු සිය කැමැත්තෙන්ම පාතාල ක්‍රියාකාරකම් වලින් ඈත් වී සිටින්නට විය. මෙසේ සිටින අතරතුර වයස අවුරුදු 82දී ඇමරිකාවේ "මෑන්හැටන්" නුවරදී ඔහු ස්වභාවික ලෙසම මිය යන්නේ අකල් මරණයකට ගොදුරු නොවෙමිනි.

No comments:
Post a Comment