Wednesday, August 27, 2014

"The Book Thief"

පොත් පරිශීලනය මිනිසා පූරණය කරනවා සේම එය මිනිසා සුවපත් කරයි. මෙම සිනමා නිර්මාණය පොතක මහිමයෙන් සුවපත් වූ ජීවිතයක් ගෙවූ කුඩා දැරියගේ ජීවන තතු විග්‍රහ කරයි.
ඒ දෙවන ලෝක යුද්ධයේ ආරම්භක අවධියයි. ජර්මානු පවුලක් විසින් හදා වඩා ගැනීමට ගනු ලබන "ලීසෙල්" නම් දැරියගේ ජීවිතය වටා සිනමා නිර්මාණයේ කතා සංකල්පය ගොඩ නැගේ. පොතපතට මහත්සේ ආදරය කරන ඇයට එම නිවාස තුළ පොතපත කියැවීමට හොඳ වාතාවරණයක් හිමි වන්නේ එම භාරකාර පියා තුළ වන කරුණාබර හදවත නිසාමය. එම අවධිය නාසීන් විසින් යුදෙව් ජාතිකයන් සාහසික ලෙස අත් අඩංගුවට ගනු ලබන සමයයි. යුදෙව් ජාතික අමුත්තෙකු මෙම නිවසේ රැකවරණය පතා පැමිණෙන අතර ඔවුන් එම අවදානම දරමින් ඔහුට රැකවරණය සපයන්නේ ඔවුන් තුළ වන මානුෂවාදීබව ඉස්මතු කරමින්. අතිශය රෝගාතුරව සිටින මොහු සැමවිට තම සන්තකයේ පොතක් තබා සිටින බව ලීසෙල් දැරිය නිරීක්ෂණය කරයි. මේ පොත කුමක්ද? එය ඇයගේ ජීවිතයට කෙසේ බලපායිද?
ජාතිවාදයේ නැගී සිටීම, යුද්ධය වැනි කාරණා සමාජයක පොදු අරමුණුකොටගත් විට සංවේදී හදවත් ඇති මිනිසුන් එකී සමාජය තුළ පත් වන අසරණභාවය මෙම නිර්මාණය තුළ මැනවින් ප්‍රකට කරයි. නරඹන්න "The Book Thief"

Director: Brian Percival

Writers: Markus Zusak (based on the novel by), Michael Petroni (screenplay)

Stars: Sophie Nélisse, Geoffrey Rush, Emily Watson
                               පූර්ව ප්‍රචාරක පටය 

No comments:

Post a Comment

qr code

කවුළුවෙන් බැලූ අය


Cool Neon Green Outer Glow Pointer

ආ ගිය රටවල්

Flag Counter
Kawluva 365. Powered by Blogger.

Top Commentators